හත්වන සියවසේ ආරම්භයත් සමග අවසන් වන දෙවන අග්බෝ රජුගේ රාජ්‍යය කාලයෙන් පසු ලක්දිව ඉතිහාසය අවුල් වේ. ශ්‍රේෂ්ඨ රජකු නොමැති වූ නිසා දුර්වල රජවරු රාජ්‍යයට පොර කෑහ.රටේ සංවර්ධනයක් සිදු නොවුණි. රටවැසියාට නොයෙක් දුක් ගැහැට විදීමට සිදු විය. වෙහෙර විහාර කඩා බිද ඒවායේ වූ වස්තු පැහැර ගන්නා පිරිස් බිහි විය.
The history of Lanka is steeped in confusion during the period following the reign of king Agbo which concluded at the beginning of the seventh century. Since there was no powerful king, weak kings struggled to gain kingship. Due to this situation countrymen had to undergo untold misery. Gangs of looters who ransacked Dagobas and temples too made their appearance.

පළමු අග්බෝ රජුගෙන් පසු දෙවන අග්බෝ රජුගේ කාලය එළඹිණ. ගිරිතලේ සහ කන්තලේ වැව් මෙතුමා විසින් කරවන ලදී.මේ රජුගේ කාලයේදී ථූපාරාමයෙහි කොටසක් බිදවැටී ඇත. ජෝතිපාල නම් තෙරුන් වහන්සේ විසින් එය රජුට දන්වන ලදී. රජතුමා දාගැබෙහි තැන්පත් කර තිබූ බුදුන්වහන්සේගේ දකුණු අකු ධාතුව ලෝවා මහා පායෙහි තබා දාගැබ ප්‍රතිසංස්කරණය කරවා ධාතූන් නැවත තැන්පත් කරන ලදී.මොහුගේ රාජ්‍යය කාලය වසර දහයක් පමණ වේ.
සුඵ මුගලන් රජුගෙන් පසු රජවන පළමු අග්බෝ රජ ලක්දිව වැව් බැදීමට ද ප්‍රසිද්ධ විය. මේ රජුගේ කාලයේ සක්දාමල, අසක්දාමල, දැමී, බෑබිරී, දළබිසෝ, අනුරුත්, දළගොත්, දළසල, කිත්සිරි, පරවඩු, සූරියබාහු, කසුප් කොටඈපා යනුවෙන් මහා කවීහු දොළොස්දෙනෙකු වූහ. මොවුන් කළ පොත පත පසු කාලයේදී දකුණු ඉන්දියානු කොල්ලකරුවන් විසින් ගිනිබත් කරන ලද බව ඉතිහාස කතා වල කියවේ.ධාර්මික පාලනයක් ගෙන ගිය මෙතුමා වසර තිස්තුනකට ආසන්න කාලයක් රාජ්‍යය කළේය.
ලක්දිව රජකම මුගලන් කුමරුන්ට හිමි වූ අතර වැව් බැදීමට ප්‍රසිද්ධියක් ද ලැබුණි.මාමා ද මුගලන් නම් වූ නිසා මොහු සු`ඵ මුගලන් නමින් හැ`දින් වුණි.ධාර්මිකව රජකම් කළ මොහු කුඩා දරුවන්ට ධර්මය ඉගැන්වීමට සිතුවේය. ධර්මය කවියෙන් ලියවා ගායනාකරුවන් ඇතුන් පිට නංවා රාත්‍රී කාලයෙහි දහම් කවි ගායනා රටවැසියන්ට ඇසීමට ඉඩ සාදා දුන්නේය.
සිලාකාල රජුගේ හදිසි මරණය ඔහුගේ වැඩිමහල් පුතු මුගලන් කුමරුන්ට ආරංචි වන විට රජුගේ දෙවැනි පුත් දප්පුල කුමරු පැමිණ රජකම හිමිකරගෙන තිබුණි.මෙම අසාධාරණ ක්‍රියාවෙන් කැළඹුණු මුගලන් කුමරු යුද්ධයකට සූදානම් වූයේය. දප්පුල කුමරු ද සටනට සැරසුණේය. පුද්ගලික හේතුවකට සටන් කර රට වැසියා විනාශ කිරීම අයුක්තිසහගත බැවින් දෙදෙනා ඇතුන් පිට නැගී තනිව සටන් කළ යුතු බවට ගිවිස ගත්හ.යුධ පිටියට පැමිණි ඇතුන් දෙදෙනා මහා ඝෝෂා කරමින් හිස් එකට හප්පා ගනිද්දී අවට ගිගුම් දුන්නේය. ඇතුන්ගේ ශරීර ලෙයින් තෙත් විය. අවසානයේ මුගලන් කුමරුගේ ඇතුගේ දළIපහරක් වැදී දප්පුල කුමරුගේ ඇතු පසු බසිද්දී පරාජිත හැ`ගීමෙන් යුතු දප්පුල කුමරු හිස සි`දගැනීමට සැරසුණේය. මුගලන් කුමරු එසේ නොකරන ලෙසට ආයාචනා කර සිටියත් අයුක්තියෙන් ඔසවන ලද දප්පුලගේ හිස සි`දගැනීම නවතාලන්නට නොහැකි විය.
සිලාකාල පසුව අඹ හෙරණ සලමෙවන් නමින් ද ප්‍රසිද්ධ විය. තමාට ලැබුණු අඹ වගයක් භික්ෂූන් වහන්සේලාට බෙදා දී අනුභව කළ නිසා මෙම නම ලැබුණු බව කියවේ.
කුමාර ධාතුසේන රජුගේ අභාවයෙන් පසු ඔහු පුත් කීර්තිසේන රජු බලයට පත්වේ. ඉන් පසු සිවයා, උපතිස්ස යන රජවරු බලයට පත් වූ බව කියවේ. උපතිස්ස රජුගේ පුත් කාශ්‍යප ධර්මයෙන් කාලය ගෙවද්දී සිලාකාල නම් තැනැත්තෙක් බල ලෝභයෙන් සේනා රැුස් කරන්නට වූයේය. මුලදී ඇතකු පිට නැගී කාශ්‍යප කුමරු සිලාකාල මර්දනය කිීමට සමත් වූවත් අවසානයේ සිලාකාල ජය ලැබුවේය.
දැහැමින් වසර දහඅටක් රජකම් කළ මුගලන් රජුගේ රාජ්‍ය කාලය තුළ බුදුන් වහන්සේගේ කේශ ධාතූන් දඹදිව සිට ලක්දිවට ගෙන එන ලදී.
මුගලන් කුමරු ලක්දිව රජකමට පත් වීමත් සමග මහා විහාරයෙහි භික්ෂූන් වහන්සේලා විසින් නව රජු ආදරයෙන් පිළිගන්නා ලදී. කාශ්‍යප රජුට පක්ෂපාතීව සිටි ඇමතිවරුනට මුගලන් රජුගෙන් මහත් පීඩා අත් විය. නමුත් පසුව භික්ෂූන්වහන්සේලා වෙතින් බණ අසා සන්සුන් වන රජු දැහැමි ක්‍රියාවල නියැලේ.
සීගිරි කාශ්‍යප රජතුමා රජ වී අවුරුදු දහඅටක් ගත වන විට මුගලන් කුමරු සේනාවක් සම`ග ලක්දිවට ගොඩ බසී. මුගලන් කුමරු හා සටනට නොයන ලෙස කාශ්‍යප රජුට උපදෙස් ලැබුණත් රජු තම යුධ සෙන`ග රැගෙන සටනට යයි.