අනුරාධපුර යුගයට අයත් සීගිරි සිතුවම් නිර්මාණය කිරීමේ අරමුණ පැහැදිළිව නොකියවේ. ලක්දිව පුරාවිද්‍යා කටයුතු ගැන උනන්දුවක් දැක්වූ බෙල් මහතා දරන මතය අනුව මෙම චිත්‍ර තුළින් එදා කාශ්‍යප රජුගේ මාළිගාවේ කුමරියන් සහ සේවිකාවන් පිදුරාගල විහාරයට ගිය සැටි නිරූපනය වේ.ආනන්ද කුමාරස්වාමි මහතා දරන මතය වන්නේ සීගිරි සිතුවම් දෙවඟනන් නිරූපනය කරන බවයි.පරණවිතාන මහතාගේ අදහස වන්නේ සීගිරි චිත්‍ර වලින් විදුලිය සහ වැසි වළාකුඵ පෙන්වන බවයි.
It is not clearly stated as to the motive behind the creation of the Sigiriya paintings. According to the view of Mr.Bell, an enthusiast of Lankan archaeology, these paintings reveal how the princesses and maids of the Kashyapan royal household set forth to the Piduragala temple. According Paranavitana, sigiriya grafitis depict lightning and rain clouds.

සීගිරියට පලා ආ කාශ්‍යප රජු සීගිරිය වටා විශාල පවුරක් බැන්දේය. වසර ගණනාවක් තිස්සේ අව්, වැසි, සුළං ආදියට ගොදුරු වෙමින් තිබූ සීගිරි චිත්‍ර අද දක්වා ත් නොනැසී පවතින්නේ එදා සිංහල සිත්තරුන් භාවිතා කළ උසස් ශිල්පීය ක්‍රම නිසාය.ප්‍රෙස්කෝ බුවනෝ යනුවෙන් අද බටහිර චිත්‍ර ශිල්පීන් අනුගමනය කරන සිතුවම් කලාව එදා හෙළදිව සිත්තරුන් සීගිරි ගලෙහි තෙත බදාමය මත රූ රටා මැවීමේදී අනුගමනය කරන ලද්දකි.සීගිරි චිත්‍ර නිසා ලක්දිවට විශාල ප්‍රසිද්ධියක් ලැබුණි.
පියා මැරූ කාශ්‍යප රජකම අල්ලා ගත්තේය. කුමන මොහොතක මුගලන් කුමරු පැමිණ සටන් කරාවිදැයි සිතා ගැනීමට නොහැකි වූ කාශ්‍යප රජ තම ආරක්ෂාව පතා සීගිරි ගලට පැනගත්තේය.අනුරාධපුරයට දකුණු දෙසින් පිහිටි සීගිරිය රාජධානිය කරගනිමින් ක්‍රි.ව. 477 සිට 495 දක්වා කාශ්‍යප රජු රජ කළේය.
මෞර්ය වංශයට අයත් ධාතුසේන රජතුමා බලයට පත් වීමත් සමඟ දකුණු ඉන්දියානු ආක්රමිකයන් විසින් විනාශ කරන ලද ලක්දිව වෙහෙර විහාර ප්රතිසංස්කරන කටයුතු ආරම්භ කෙරුණි.ධාතුසේන රජුගේ පුතකු වූ කාශ්‍යප කුමරු විසින් රජු මැටි ගසා මරන ලදී.
මහානාම රජුගෙන් පසු සොත්තිසේන, මිත්‍රසේන ඇතුඵ අටදෙනෙක් පමණ ලක්දිව රජකර ඇත. අවුරුදු විසිපහකට ආසන්න කාලය තුළ මොවුන්ගෙන් රටට සිදු වූ සේවයක් ගැන විශේෂයෙන් සඳහන් වන්නේ නැත.
උපතිස්ස රජුගෙන් පසු සහෝදර මහානාම කුමරු රජවේ. මේ යුගයේ හෙළ අටුවා පොත් පාලි භාෂාවට පෙරළීම සඳහා බුද්ධඝෝෂ හිමි ලක්දිවට වැඩම කළසේක.මහා විහාරීය භික්ෂූන්ගෙන් අවසරය ගත් බුද්ධඝෝෂ හිමි එවකට සිංහල භාෂාවෙන් පමණක් ලියවී තිබූ අටුවා පොත් පාලියට නගන ලදී. මින් පසු සිංහල උගතුන් පාලි භාෂාවට වැඩි උනන්දුවක් දැක්වූ අතර සිංහලෙන් පොත් ලිවීම නවතා පාලියෙන් පොත් ලිවීමට උනන්දු වූ බව පෙනේ. මෙය සිංහල භාෂාවේ දියුණුවට තර්ජනයක් විය. බුද්ධඝෝෂ (බුදුගොස්) හිමියන් පාලියට පෙරලූ පොත් “පාලි අට්ඨ කතා” යනුවෙන් හැදින්වේ.
උපතිස්ස රජුගේ කාලයේදී නියඟයක් ඇතිවිය. රට වැසියා ආහාර හිඟයෙන් හා රෝග බියෙන් පෙළෙන්නට විය.භික්ෂූන් වහන්සේගේද උපදෙස් ඇතිව අලංකාර රථයක් තනා සර්වඥධාතූන් වහන්සේ ආවරණය වන පරිදි තැනූ බුදු රුවක් එහි වඩා හිදුවා දිය පිරවූ පත්රා ධාතුව එහි දොහොත් හි තබා භික්ෂූන් වහන්සේලාට රතන සූත්‍රය දේශනා කරමින් පෙරහැර කිරීමට ඉඩ සැලසුවේය. රජු ද සිල්සමාදම් වී පෙරහැර ඉදිරියෙහි ගමන් කළේය. එදින රාත්‍රියෙහි වර්ෂාව හටගත්තේය. මතු කල්හිද මෙබදු බිය ඇති වුවහොත් මෙසේ කරන ලෙසට රජු ලියවා තැබීය.
බුද්ධදාස රජුගෙන් පසු ඔහු වැඩිමල් පුත් උපතිස්ස කුමරා රජකමට පත්විය. හෙතෙම ඉතා ධාර්මික රජ කෙනෙකි. දිනක් රජු නිදන ඇඳ පිහිටි ස්ථානය තෙමෙන විට එය සකස්කිරීමට යෑමෙන් වැසියාට කරදර සිදුවන නිසා එළිවන තෙක් එසේම රාත්‍රිය ගතකර ඇත. අසරණයින්, රෝගීන්, ගැබිනි මව්වරුන් සඳහා ආහාර දන්සැල් ඉදිකිරීමට රජු මුල් විය. සතුන්ට ද කරුණාවන්ත වූ රජු රජ උයනෙහි විසූ ලේහෙනුන්හට බත් දීමට ද ක්‍රමවේදයක් සකස් කළේය.
බුද්ධදාස රජු විසින් කළ තවත් විස්මය ජනක ප්‍රතිකාරයකි මෙය. දිනක් මිනිසෙක් වැවකින් වතුර බොද්දී දියබරි බිත්තරයක් ගිලුණි. ඉන් ඉපදුණු දියබරි පැටවා ඔහුගේ ආමාශය සපා කද්දී ඔහුට උසුලාගත නොහැකි වේදනාවක් දැනෙන්නට විය.රජු වෙත පැමිණි මිනිසා පරීක්ෂා කිරීමෙන් රජු රෝගය පැහැදිලිව හඳුනා ගත්තේය. දින ගණනක් නිරාහාරව තැබූ මිනිසා හොදින් නාවා සුවද විලවුන් ගල්වා යහනාවක සැතපවී ය. නින්දට වැටුණු රෝගියාගේ කට ඇරී තිබුණි. රෝගියාගේ විවෘත වූ කටට උඩින් මස් කැබැල්ලක් එල්ලන ලදී. මස් කැබැල්ලේ සුවද දැනුණු දියබරි පැටවා මුඛයෙන් පිටතට ඇදී මස් කැබැල්ල ඩැහැගත්තේය. එවිට අසල හොරෙන් රැඳී සිටි මිනිසකු විසින් දියබරියා පිටතට ඇද දමන ලදී. රෝගියාට සම්පූර්ණ සුවය ලැබුණි.
බුද්ධදාස රජතුමාගේ වෙදකම් ගැන බොහෝ කතා ඇත. දිනක් උදර රෝගයකින් පෙළෙන භික්ෂු නමක් ප්‍රතිකාර සඳහා රජුවෙත වැඩි සේක. භික්ෂුව වැළදූ නරක් වූ කිරි ආහාරයක සිටි පණුවන් තවමත් ආමාශයෙහි සිටින බව රජුට වැටහුණි. මේ අතර තුර නහර විද ලේ ඉවත්කර පිළියම් කළ යුතු අශ්වයකු රජු වෙත ප්‍රතිකාර සඳහා ගෙන එන ලදී.පළමුව අශ්වයාට වෙදකම් කළ රජ දෙවනුව භික්ෂුව වෙත පැමිණ බීමට බෙහෙතක් දුන්නේය. භික්ෂුව බෙහෙත පානය කළ පසු “ ඔබ වහන්සේ පානය කළේ අර අශ්වයාගෙන් ඉවත් කරන ලද අශ්ව ලේ ” යනුවෙන් රජු පැවසුවේය. මේ අසා වමනය කළ භික්ෂුවට ආමාශයේ සිටි පණුවන් ඉවත් වීම හේතුවෙන් සුවය ලැබුණි.