වළගම්බා රජු වතගතව සිටින කාලයේදී වරක් තණසීව නම් ගම් දෙටුවකුගේ ආරක්ෂාව යටතේ සිටියේය. දිනක් තණසීවගේ බිරිඳ රජ බිසව ද සම`ග අසල කන්දකට යද්දී දෙදෙනා අතර ඇති වූ අමනාපයෙන් ගම්දෙටුවාගේ බිරිඳ බිසව රැුගෙන ගිය කූඩයට පයින් ගැසුවාය. බිසව අඩ අඩා රජු වෙත ගිය අතර තණසීවගේ බිරිඳ විසින් කියූ විස්තරයට තණසීව කුපිත වී දුන්න ගෙන පිටත් වුයේය. ඔහු ඒමට පෙර රජු බිසව ද කුමරුන් දෙදෙනා ද ගෙන එතැනින් වහා පිට විය. නමුත් වැඩිමහල් කුමරු ඉදිරියට එන ගම්දෙටුවා දැක විද්දේය. මින් හටගත් වියවුල සංසි`දී ගියේ සංඝයා වහන්සේලාගේ මැදිහත් වීමෙන් පසුවය.
එම කලබලය අතරේම රජතුමා ‘‘මම වළගම්බා රජ වෙමි’’ ය කියා තමා පිළිබඳ රහස අනාවරණය කර යුද හමුදාවක් රැුස් කළේය. ‘‘බුදු සසුනට අනුග්‍රහයක් කළ හැක්කේ රජතුමා සමග එක් වීමෙන්ද, දෙමළුන් සමග එක්වීමෙන් දැ’’ යි භික්ෂූන් වහන්සේලා ඇසූ ප්‍රශ්නයට ‘‘රජතුමා සම`ගයැයි’’ වැසියන් දුන් පිළිතුරෙන් පසු රජුට වැසියන්ගේත්, භික්ෂූන් වහන්සේලාගේත් සහාය ඇතිව බල සේනාවක් ගොඩ නගා ගැනීමට හැකි විය. බලසෙනග සමග අනුරාධපුරයට ගොස් දාඨිය නම් දෙමළා මරා රාජ්‍යය ගැනීමට රජුට හැක විය.
During king Valagamba’s exile in the forest, he was once under the protection of a village chieftain named Thanaseeva. One day, whence over some displeasure which arose between Thanaseeva’s wife and the queen who were on their way to a nearby hillock, the chieftain’s wife kicked the basket carried by the queen. While the queen returned to the king weeping, Thanaseeva on hearing what the wife related got enraged and set off with his bow. Before Thanaseeva could arrive, the king quickly left the place taking away the queen and the two princes, the elder prince seeing the chieftain arriving shot at him with his bow. The squabble which had thus arisen came to be settled after the Bhikshus mediated in the matter.

සතුරු සේනාවේ දෙමළු පස් දෙනා අතුරෙන් කෙනෙක් සෝමා දේවිය දැක ඇය රැගෙන පලා ගියේය. තව කෙනෙක් අනුරාධපුරයෙහි තිබූ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ රැගෙන පලා ගියේය. ඉතිරි පස්දෙනා එකිනෙකා මරා අනිකා ප්‍රධානියා වෙමින් වසර දාහතරක් රටේ වාසය කළෝ්ය. මේ කාලය තුළ වළගම්බා රජු ජීවත් වුයේ වෙස්සගිරි විහාරය අසල වන ගැබකය. රජුට ආරක්ෂාව ලබා දීමට තිස්ස ස්ථවරයන් වහන්සේ ඉදිරිපත් වුයේය.
පලා යන වළගම්බා රජුගේ රිය පසු පසින් සතුරන් එන බව දුටු රජු හැකි උපරිමයෙන් රථයේ වේගය වැඩි කිරීමට උත්සාහ ගත්තේය. රජු සමග රථයේ ගමන් ගත් අය තවත් විය. රජුගේ බිසෝවරුන් වූ ගර්භනී අනුලා දේවියත්, සෝමා දේවියත්, මහාචූල මහානාග කුමාරවරුන් දෙදෙනාත් යන අය අතුරෙන් සේමා දේවිය ස්වකැමැත්තෙන්ම රථයේ බිමට බැසීමට තීරණය කළේ රට බේරා ගැනීමට රජු ජීවත් විය යුතු නිසාත්, අනුලා දේවිය දරු උපතකට සුදානම්ව සිටින නිසාත් කුමාරවරු කුඩා නිසාත් රථයේ බර අඩු කර වේගය වැඩි කිරීමට තමාට කළ හැකි එකම දේ එය බව තේරුම් ගත් නිසාය. සෝමා දේවිය සතුරාට බිලි වූයේත් විහාරමහා දේවිය මුහුදට බිලි වූයේත් අපේ රට වෙනුවෙනි.
වළගම්බා රජු අභිෂේක ලබා පස්වන මාසයෙහි රුහුණේ තිස්ස නම් දාමරිකයෙක් එම ප්‍රදේශය අල්ලා ගෙන රජුගේ රාජ්‍ය ඉල්ලා ලියුම් යැවීය. රජුට යුධ කිරීමට ශක්තියක් නොතිබූ බැවින් බුද්ධිමත්ව උපක්රමශීලීව කටයුතු කළේය. මේ කාලයේ දෙමළු හත්දෙනෙකු සේනා සහිතව මාතොටින් ගොඩ බැස තිබුණි. ‘‘රාජ්‍ය දැන් තොපගේය. වහා සතුරන් පන්නා දමා රාජ්‍ය භාර ගන්න’’යැයි කියා රජු විසින් දාමරිකයාට පිළිතුරක් යවන ලදී. දෙමළුන් හා යුද්ධයට ගිය තිස්ස පැරදී විනාශයට පත්විය.
සද්ධාතිස්ස රජුගෙන් පසු ථුල්ලත්ථන, ලජ්ජිතිස්ස, ඛල්ලනාට යන රජවරුන් රජ කළත් වළගම්බි රජු තරම් ප්‍රසිද්ධියට පත් නොවීය. මේ රජවරු හතරදෙනාම සද්ධාතිස්ස රජුගේ පුතණුවෝය. ඛල්ලනාට රජ ඇමතියකු අතින් මරණයට පත්විය. මේ අවස්ථාවේදී වළගම්බා කුමරු ඇමති මරා රාජ්‍යය හිමි කර ගත්තේය.
දුටුගැමුණු රජතුමාගේ රාජ්‍යය කාලය තුළ රට ස්වයංපෝෂිතව තිබුණි. දුටුගැමුණු රජුගෙන් පසු රජකමට පත් තිස්ස රජු සද්දාතිස්ස නමින් ප්‍රසිද්ධ විය. රුවන්වැලි සෑයේ ඇත් පවුර ඇතු`ඵ ඉතිරි වැඩ කොටස් සම්පූර්ණ කිරීම, ගින්නකින් විනාශ වූ ලෝවාමහාපාය සත් මහල් කොට තැනවීම මෙතුමාගේ කාලයේදී විය.මහා වංශයෙහි ස`දහන් වන ආකාරයට මෙතුමා විසින් දිගා වැව දක්වා යොදුනෙන් යොදුනට විහාර කරවා ඇත. සද්ධාතිස්ස රජු වසර 18 රාජ්‍යය කරන ලදී.
ලක්දිව එක් සේසත් කළ දුටුගැමුණු රජතුමා බුද්ධාගමේ දියුණුවට විශාල සේවයක් කළේය. එළාර සමඟ කළ යුද්ධයේදී මිය ගිය මිනිස් ජීවත ගැන සිත් තැවුලට පත් වූ රජුගේ කනස්සල්ල දුරු කිරීමට භික්ෂූන් පිරිසක් වැඩම කරවන ලදී. රජු විසින් මිරිසවැටිය දාගැබ කරවනු ලැබුයේ තමාට අමතක වූ පිළිවෙතක් සැමරීමටය.
ලක් ජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කරමින් ගැමුණු කුමරු බලාසෙනග සමඟ පැමිණ අනුරාධපුරයේදී එළාර හා ද්වන්ද සටනක යෙදුනි. එළාර මරා බලයට පැමිණීමට ගැමුණු කුමරුට කණ්ඩුල ඇතාත්, නන්දිමිත්ර, සුරනිමල, මහා සෝණ, ගෝඨයිම්බර, ථෙරපුත්තාභය, භරතය, වේළුසුමන, ඛංජදේව, පුස්සදේව සහ ලාභිය වසභය යන මහා බලැති යෝඨයින් දසදෙනාත් සහාය වූහ.
ගැමුණු කුමරුගේ සටන්කාමී තරුණ විය ගැන නොයෙකුත් සිංහල ජන කතා ඇත. රජගෙදරින් පලාගොස් ගැමියන් අතරේ වෙසෙමින් ගොවිතැන් කළ බව ද වරින් වර කුඩා භටකණ්ඩායම් රැගෙන ගොස් සතුරාට පහරදී පලා ගිය බවද ජනකතා පවසයි.
මාරවරු දස දොළොස් වයස් වූ කළ ඔවුන් ගැන විමසීමට පිය රජු භික්ෂූින් වළදා ඉඳූල් බත් තැටියක දැමූ බත් කොටස් තුනකට බෙදා කෑමට නියම කරන ලදී./භික්ෂූන් කෙරෙහි නොකලකිරෙන බව කියා එක් කොටසක් ද සහෝදරයන් දෙදෙනා තරහා නොවන බව කියා තවත් කොටසක් ද අනුභව කළ යුතු වූ අතර ‘‘දෙමළුන් හා යුද්ධ නොකරන්නෙමු’’ යැයි සිතා තෙවන කොටස අනුභව කළ යුතු විය.