මීළගට දෙටුතිස් රජුගේ පුත් බුද්ධදාස කුමාරයා රජකමට පත්විය. වෛද්‍යවරයෙකු බඳු වූ මෙතුමා ගිලනුන්ට, සතුන්ට අනුකම්පා සිත් ඇතිව ලෙඩ සුව කරමින් සේවය කළේය.දිනක් ස්නානය පිණිස තිසා වැවට යන අතර මඟදී රජු තුඹසක් අසල උදරයේ හටගත් ගෙඩියක් නිසා වේදනාවෙන් පෙළෙමින් සිටින නාගයකු දුටුවේය. නාගයා ගැන නොසලකා යෑමට රජුට සිත් නොවීය.“ ඔබ කිපෙන සුළුය. නමුත් ඔබට වේදනාවක් නොදී මේ ගෙඩිය ඉවත් කළ නොහැකිය. ” යනුවෙන් නයා අසලට ගොස් රජු කියද්දී නයා තුඹසට ඇදෙන්නට විය. නාගයාගේ හිස තුඹස ඇතුලට ගිය නමුත් ගෙඩිය අසලදී තුඹසේ කට ළඟින් හිරවිය. රජතුමා වහා සැත්කටුවෙන් ගෙඩිය පලා බෙහෙත් ගල්වා නාගයා සුවපත් කළේය
It was prince Buddhadasa, son of king Detutis, who ascended the throne as successor. He, who was akin to a physician, treated patients as well as sick animals with compassion, rendered a great service curing illnesses. One day, on his way for a bath to the Tisa vewa, he came across a cobra in pain due to an abscess in its stomach. The king had no heart to leave without treating it. "You are quick tempered by nature, but I cannot excise this abscess without hurting you" so said the king getting close to the cobra, and then the cobra started to creep into an anthill. Even though the head of the cobra went into the hole, it got stuck at the point of the abscess where the stomach bulged out. The king thereupon, quickly using a scalpel, opened up the abscess, applied medicine, and cured the cobra of its ailment.

කිත්සිරි මෙවන් රජුගෙන් පසු ඔහුගේ බාල සොයුරු දෙටුතිස් රජකමට පත්වේ. ඇත් දත් කැටයම් ශිල්පයෙහි දක්ෂයකු වූ මෙතුමා තමා දත් කැටයම් ශිල්පය රට වැසියාට ද ඉගැන්වීමට කටයුතු කළේය. රජුගෙන් ඇත් දත් කැටයම් ශිල්පය ඉගෙන ගත් ශිෂ්‍යයෝ විවිධ භාණ්ඩ නිපදවූහ. දෙටුතිස් රජ නොයෙක් පින්කම්හි යෙදෙමින් තව අවුරුද්දක් රාජ්‍ය කළේය.
කිත්සිරි මෙවන් රජු රජවී නවවෙනි වර්ෂයේ දී ලක්දිවට දළදා වහන්සේ වැඩම කරවන ලදී. ඉන්දියාවේ කළිඟු රටට පරසතුරු උවදුරු පහල වූ නිසා කළිඟු රජ තම දූ කුමරිය අත දළඳා වහන්සේ ලක්දිවට එවා ඇත.කළිඟු රජුගේ දියණිය, හේමමාලා කුමරිය දළඳා වහන්සේ ඉතා රහසිගතව ලක්දිවට වැඩම කරවා කිත්සිරි මෙවන් රජුට භාරදීමට සමත් වූවාය.වංශ කතාවල කියවෙන ලෙසට හේමමාලා කුමරිය තාපසවරියක මෙන් වෙස්වලාගෙන තම හිස මත දළඳා වහන්සේ සඟවා සැමියාගේ (දන්ත කුමරුගේ) ආරක්ෂාව යටතේ ලක්දිවට පැමිණ ඇත.
බෞද්ධාගමික භක්තියෙන් යුත් කිත්සිරිමෙවන් රජු බොහෝ පින්කම් කරන ලදී. ලක්දිව ප්‍රථම මිහිඳු පෙරහැර පවත්වන ලද්දේ ද මේ රජතුමා විසිනි. එදා පටන් මිහිඳු පෙරහැර ඉන් පසු රජකමට පත්වන රජවරුන් ද නොකඩවා පවත්වාගෙන් ආ බැවින් අදටත් එය වාර්ෂිකව ඉතා උත්කර්ශවත් ලෙසින් පැවැත්වේ. මිහිඳු පෙරහැර අවුරුදු 1600 ක පමණ කාලයක සිට පැවතෙන බව මින් පැහැදිලි වේ.
මහසෙන් රජුගෙන් පසු ඔහුගේ පුත් මේඝවර්ණ (කිත්සිරි මෙවන්) කුමරු රජ විය. රජු මහා විහාරිය භික්ෂූන් කැඳවා පිය රජුගෙන් සිදු වූ කරදර මොනවාදැයි අසා හානියට පත් ආගමික ස්ථාන අලුත් වැඩියාකර සංඝයාවහන්සේට අවශ්‍ය පහසුකම් සපයා දුන්නේය. ඒ අතර පිය රජු විසින් ආරම්භ කළ ජේතවන විහාරයෙහි කටයුතු ද සම්පූර්ණ කරවන ලදී.
ගෝඨාභය රජු මේඝවර්ණාභය නමින්ද ප්‍රසිද්ධ විය. බුදු සසුනට මහඟු සේවයක් කළ මොහු මේඝවර්ණාභය නම් විහාරයක්ද කරවීය. දෙටුතිස් කුමරු (ජෙට්ඨතිස්ස) සහ මහසෙන් යනු රජුගේ පුතුන් දෙදෙනායි. පියාගෙන් පසු දස වසරක් රාජ්‍යය කරන දෙටුතිස් රජුගෙන් පසු රජකමට පත්වන්නේ මහසෙන් කුමාරයයි. අදටත් ‘මින්නේරිය දෙවියන්’ ලෙසින් ප්‍රසිද්ධ මහසෙන් රජ වැව් තැනවීම ගැන ප්‍රසිද්ධියක් උසුලයි.විජය රජුගේ පටන් මහසෙන් රජු දක්වා ලක්දිව රජ දරුවන් හා පුවත් සඳහන් වන මහා වංශය නැමැති අපේ ඉතිහාස කතාවේ මහාවංශය නමින් හඳුන්වන මුල් කොටස මහසෙන් රජුගෙන් අවසන් කර ඇත. මහසෙන් රජු දක්වා ඉතිහාසය ලියා අවසන් කළ යම් පඬිවරයකු තමා විසින් අවසන් කරන ලද කොටස අවසානයෙහි “මහා වංශය නිමි”ඳහන් කළා විය හැක. ඉන්පසු ජාතියේ ඉතිහාස කතාව ලියූ පඬිවරුද එම සටහන පිළිගෙන තමන් විසින් ලියන ලද කොටස් “චූල වංශය” නමින් නම් කර ඇත.
සිරිසඟබෝ රජතුමාගේ හිස දන්දීම පිළිබද ජනකතාවල ඉතා රසවත් කතා පුවත් කියවේ. රජතුමා පෙරහන්කඩය ගෙන බෙල්ලේ රේඛාවක් ඇඳ තමාගේ අධිෂ්ඨාන බලයෙන් කඳින් වෙන්කළ හිස රැගෙන මගියා ගෝඨාභය රජු වෙත ගියේය. නමුත් එය සිරිසඟබෝ රජුගේ හිස නොවේ යැයි කියමින් ඉවත විසි කිරීමෙන් ගෝඨාභය රජු, රැස්ව සිටි රටවැසියාගෙන් සිරිසඟබෝ රජු මැරීමට තමා කටයුතු කළේයැයි එල්ලවන චෝදනාවෙන් මිදීමට උත්සාහ කළා විය හැක. ගෝඨාභය රජු මෙසේ කරනු ඇතැයි සිරිසඟබෝ රජතුමා දැන සිටියා විය හැක. අහසේ රැඳි සිරිසඟබෝ රජුගේ හිසට ජීවය ලැබී “මම සිරිසඟබෝ රජුවෙමි” යි රැස්ව සිටි ජනයා මවිත කරමින් ප්‍රකාශයක් කෙරුණි. මින් සසල වූ ගෝඨාභය රජු වහා හිස ගෙන අත්තනගලු වනයට ගොස් රජුගේ දේහයට අවසාන ගෞරව දක්වා සොහොන් කර එහි වෙහෙරක්ද කරවීය.
රාජ්‍යය අල්ලාගත් ගෝඨාභය රජුට සිරිසඟබෝ රජතුමාගේ හිස දකින තුරු අස්වැසිල්ලක් නොවුණි. සිරිසඟබෝ රජුගේ හිස ගෙන එන අයෙකුට දහසක් තෑගි දෙන බව ප්‍රසිද්ධ වීම නිසා දිනපතා මිනිස් හිස් ගෙන මාළිගාවට පැමිණෙන අයගේ සංඛ්‍යාව වැඩිවිය.මේ අතර වනගත වූ සිරිසඟබෝ රජු තපස් රකිමින් අත්තනගලු වනයෙහි වාසය කළේය. මුණගැසුණු මගියකුගෙන් අනුරාධපුරයෙහි තොරතුරු අසා කම්පාවට පත්වූ රජතුමා මෙසේ සිතුවේය.“මා ගෝඨාභය සමඟ යුද්ධ නොකර රාජ්‍යය ඔහුට ගන්නට ඉඩදුන්නේ යුද්ධයක් වුවහොත් රට වැසියා නැසෙන බැවිනි. නමුත් දැන් මගේ නාමයෙන් අහිංසක මිනිසුන් දහස් ගණනකගේ හිස් කැපේ. අහිංසක මිනිසුන් මෙම විපතින් මුදා ගැනීමට නම් මා ගෝඨාභය වෙත යා යුතුය.”සිරිසඟබෝ රජුයැයි නොදත් මගියා තමාගේ බත් මුලින් කොටසක් රජතුමාටත් පිළිගැන්වූයේය. මගියාගේ ආහාරය පිළිගත් රජු, “මම සිරිසඟබෝ රජු වෙමි. ඔබ මට ආහාරයෙන් කොටස් පිළිගැන්වූයේය. ඒ සඳහා කළගුණ සැලකීමට ඔබට දීමට මා ළඟ ඇත්තේ මාගේ හිස පමණි. මම ඔබට හිස දන්දෙමි.” යි කියා කාලක්‍රියා කළේය. රජු හිස දන්දීම වැළැක්වීමට මගියා කොපමණ උත්සාහ කළත් අවසනායේ සිරිසඟබෝ රජුගේ හිස රැගෙන ගෝඨාභය රජු වෙත යාමට මගියාට සිදුවිය.
සිරිසඟබෝ රජු රටවැසියාගේ සිත් දිනාගෙන රජකම් කිරීම නිසා ඊළගට රජ වීමට බලාපොරොත්තුවෙන් සිටි සිරිසඟබෝ රජුගේ අමාත්‍යය, භාණ්ඩාගාර නායක ගෝඨාභය මදක් නොසතුටින් සිටියේය.රාජ්‍යය ලෝභයෙන් පිරුණු ගෝඨාභයට ඉවසාගෙන සිටීමට නොහැකි වූ තැන නුවරට උතුරු දෙසින් රාජ්‍යය ඇල්ලීම පිණිස සේනාව මෙහෙය විය. සිරිසගබෝ රජුට මෙය ආරංචි විය. ගෝඨාභය සමග සටන් කිරීමෙන් රටවැසියන් වූ සිංහලයාම විනාශ වන බව තේරුම් ගත් රජු තපස් වෙස් ගෙන වන ගත විය. ගෝඨාභය රජකමට පත් විය.නමුත් රටවැසියා තුළ සිරිසඟබෝ රජු කෙරෙහි තිබූ පැහැදීමත් රජු ආ ගිය අතක් කිසිවකු නොදත් නිසාත් සන්සුන් මනසින් ගෝඨාභය රජුට රාජ්‍යය කරගෙන යාමට නොහැකි විය.එබැවින් සිරිසඟබෝ රජුගේ හිස ගෙනැවිත් දෙනකෙනෙකුට දහසක් තෑගි දෙන බව දන්වා රටපුරා අණබෙර යැවීමට රජු කටයුතු කළේය.
සිරිසඟබෝ රජු කාලයේදී රුහුණු වැසියන් රතැසි නම් ඇස් රෝගයකින් මරණයට පත් වූ බව කියවේ. එය රාක්ෂයකු විසින් ඇති කළ රෝගයක් ලෙසට ජනයා අතර කතා පැතිරුණි. යක්ෂයා දුටු අය ඇස් රතු වී මරණයට පත් වූ අතර, එම රෝගීන් දුටු අය ද මරණයට පත් වූහ.වැසියාට වන විපත ඉවසා ගත නොහැකි වූ රජතුමා රතැසියා නම් යකු හමු වී මිනිසුන් පිළිනොගෙන, තමා බිල්ලට ගන්නා ලෙසට ඉල්ලීමක් කළ බව කියවේ. නමුත් රජුගේ සත්පුරුෂභාවය නිසා යකුට එවැන්නකුගේ මස් කෑමට වරම් නොමැති බැවින් සෑම ගමකින්ම යකුට බත් පිදේනි ලබා දීමට රජු එකග වී ඇත. ඉන් පසු වැසියෝ රජුගේ නියමය පරිදි යකුට බත් පිදේනි තබා උවදුර දුරු කර ගනිති.