මුටසීව රජුට පුතුන් දස දෙනෙක් හා දුවරු දෙදෙනෙක් ද වූහ. දේවානම්පියතිස්ස නමින් ප්‍රසිද්ධ දෙවන පුත්‍රයා ඉතා නැණවත් පින්වත් කුමරකු විය.
පිය රජුගෙන් පසු දේවානම්පියතිස්ස දෙවන පෑ තිස් කුමරා රාජ්‍යයට පත් විය. ඔහුගේ අභිෂේකය සමග විවිධ අනගි වස්තු පොළවෙන් මතු විය. මේ සම්පත් දැක සතුටට පත් රජු කලක සිට නොදුටු මිතුරකු ලෙසින් ඇසුරු කළ දඹදිව පාටලී පුත්‍රයෙහි ධර්මාශෝක රජු වෙත මෙම වටිනා වස්තුව පිළිගැන්වීමට තීරණය කළේය.
වටිනා තෑගි දැක ඉතා සතුටට පත් අශෝක රජු තම මිතුරාට ද තෑගි යැවීමට තීරණය කළේය. විවිධ තෑගි රැසක් සමග බුදුන් දහම් සඟුන් සරණ යන මෙන් ඉල්ලීමක් කරමින් ලංකාවට බුදු දහම ප්‍රචාරය පිණිස මිහිඳු මා හිමියන් අතුළු පිරිස එවීමට කටයුතු කළේය.
මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කළේ ක්‍රි. පූ. 247 පොසොන් පොහෝ දිනයේ දී ය.
King Mutasiva had ten sons and two daughters. The famous Devanampiyatissa was the second son who happens to be a very wise and meritorious person. His coronation was marked with the emergence of many valuable treasures from the earth. The king seeing these treasures was filled with joy, and decided to offer the treasures as gifts to king Dharmasoka of Pataliputra in Dambadiva (India), whom he knew as a close friend but never seen.